ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ගමට ගෙන යන නවෝත්පාදකයා: නන්ද වන්නිනායක

Nanda-Wanninayaka-Ralapanawa-0
Nanda-Wanninayaka-Ralapanawa-0


 මේ 2018 සැප්තැම්බර් 09 දින රාවය පුවත්පතට නාලක ගුණවර්ධන ලියූ ලිපියකි.

සිවුමංසල කොලු ගැටයා #379                      For: Ravaya, 9 Sep 2018

නාලක ගුණවර්ධන Nalaka Gunawardene ravaya@nalaka.org

උතුරුමැද පලාතේ මහවිලච්චිය නම් ගම්මානයේ 1998 අගෝස්තුවේ අරඹන ලද හොරයිසන් පාසල (Horizon School), ගැමි දරුවන්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි ජය ගන්නට නව මාවත් සොයා ගිය සමාජ නවෝත්පාදනයක් (social innovation).

කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව, මෙරට හා විදෙස්ගතව සිටින ලාංකික දානපතීන්ගෙන් ලැබෙන සීමිත ආධාර මත පදනම් වී, ස්වේච්ඡා ගුරුවරුන්ගේ උදවුවෙන්  හොරයිසන් කරන ඉගැන්වීම් නිසා ගැමි දරුවන් සිය ගණනකට ඉංග්‍රීසි හා තාක්ෂණ හැකියාවන් ලැබී තිබෙනවා.

හොරයිසන් පදනමේ නිර්මාතෘ මහවිලච්චියේම උපන්, එහෙත් නූතනත්වයට හා නව අදහස්වලට විවෘත මනසකින් යුතු නන්ද වන්නිනායක, කෙටි කලක් ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස රජයේ පාසල්වල පන්ති කාමරයේ යම් නවෝත්පාදන කිරීමට උත්සාහ කළා. එහෙත් රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සීමාවන්ට කොටුවීමට නොකැමැති වූ ඔහු, ගුරු සේවයෙන් ඉවත්ව හොරයිසන් ලංකා පදනම නමින් (www.horizonlanka.org) ලාබ නොතකන අධ්‍යාපනික ආයතනය ඇරැඹුවා.

කොළඹ මරදානේ ‘දෙල්ගහයට ගෙදරින්’ 1958දී සර්වෝදය ව්‍යාපාරය පටන් ගත් ඒ ටී ආරියරත්න නම් ගුරුවරයාගේ හා මහවිලච්චියේ අඹ ගසක් යට 1998දී හොරයිසන් පාසල ඇරඹූ නන්ද වන්නිනායක ගුරුවරයා අතර යම් සමානකම් මා දකිනවා. ඉමහත් සමාජ ප්‍රතිරෝධයන් හමුවේ පොදු උන්නතිය තකා ක්‍රියා කිරීමට මේ දෙදෙනාටම සිදු වුණා.

“වන්නි” නමින් අප හඳුනන නන්ද වන්නිනායක වරෙක කුහකකම් හා ප්‍රතිරෝධයන් නිසා කලකිරීමට පත්ව සිටි අවස්ථාවක මා ඔහුට කීවේ ආරියරත්නයන්ගේ ‘බවතන්හා‘ ආත්ම චරිතාපදානය කියවන ලෙසයි. එයින් යම් ආදර්ශයක් ඔහු ලබන්නට ඇති. මේ දිනවල වන්නි ඔහුගේම කථාව ලියමින් සිටිනවා.

වන්නි සමග මා කළ සංවාදයේ  මුල් කොටස පසුගිය සතියේ පළ වුණා. අද එහි ඉතිරිය.

නාලක: ඔබ හොරයිසන් පාසලේ හා පදනමේ සමාරම්භකයා වුවත් මෙය තනිවම ආ ගමනක් නොවෙයි. ඔබට උපකාර කළ හෝ උපදෙස් දුන් අය සිටියාද?

වන්නි: ඇත්තටම ඔව්. විශේෂයෙන්ම දේශීය සහ විදේශීය ජනමාධ්‍ය අපට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම දේශීය සහ විදේශීය දානපතියන්, ස්වේච්ඡා සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ පුද්ගලික ආයතන ලබා දුන් සහයෝගය තීරණාත්මක වූවා.

උපදේශකයින් අතර ඇමරිකානු ජාතික Mark Frazier මහතා මතක් කරන්න කැමතියි. ඔහු තාක්ෂණවේදියෙක් මෙන්ම අනාගතය දකින්නෙක්. ඔහුගේ උපදෙස් පිළිගත් අවස්ථාවල දියුණුවට පත් වන්නටත් ඔහුගේ උපදෙස් නොසලකා හරි අවස්ථාවලදී දරුණු කඩාවැටීම්වලට ලක්වීමටත් අපට සිදු වුණා. වාසනාවකට ඔහු අපව හැර ගියේ නැහැ. පසුබැසීම් ගණනාවකට පස්සෙත් ඔහු අප ගැන තිබු විශ්වාසය පලුදු කර නොගෙන තවමත් අපට සම්පුර්ණයෙන්ම නොමිලේ ඉතා වැදගත් මග පෙන්වීමක් කරනවා. බොහෝ තාක්ෂණයන් කොළඹට පැමිණීමටත් පෙර මහවිලච්චියට පැමිණියේ මාක්ගේ මගපෙන්වීම නිසයි.

මේ විසි වසරේ රජය ඔබේ වැඩට කිසි ලෙසකින් උදවු කර ඇත්ද?

මංජු හත්තොටුව මහතා තොරතුරු තාක්ෂණ ඒජන්සියේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් සේවය කළ කාලයේ ඔහු අවංකවම ඒජන්සිය හරහා හොරයිසන් ලංකා ආයතනයට උදව් කළා. විශේෂයෙන්ම අප ඒජන්සිය සමග “Mahawilachchiya – The Model e-Village of Sri Lanka” ව්‍යාපෘතියට රුපියල් මිලියනයක් වටිනා භාණ්ඩ සහ සේවාවන් ලබාදුන්නා. ඒත් පසු කලෙක ඒජන්සියට ආ බහිරවයකු විසින් ඔහුගේ දෑත් බැඳ දැමුවා. මේ බහිරවයා අපවත් නැත්තටම නැති කළා. දැන් ඒ ගැන කතා කිරීම අනවශ්‍යයි.

හෙට එසේ උපකාර ලැබුණොත් භාර ගන්නවාද?

රජයෙන් උපකාර ලැබුණොත්… ඔවුනට සැබෑ වුවමනාවක් තියෙනවද? එහෙම නැත්තම් අපව දේශපාලන ව්‍යාපෘතියකට නොදැනුවත්වම භාවිත කරයිද යන්න විශ්වාස නැහැ. ඒ නිසා රජයට එහෙම අවශ්‍යතාවයක් තියෙනව නම් මම හිතන්නේ නිවැරදි අවබෝධයකින් යුතුව එය කරන්න වෙනවා. ඒත් මගේ කැමැත්ත නම් මේ යන විදිහටම දිගටම යන එක. දේශපාලකයින් බලන්නේ ඊළඟ අවුරුදු පහ ගැන විතරයි. එහෙත් අපිට බොහෝ දුර බලන්න තියෙනවා.

1990 දශකයේ පරිගණක යනු ගම්වලට පමණක් නොව නගරවලටත් නුපුරුදු, මිළ අධික තාක්ෂනයක්. ඔබ එය ගමට ගෙන ගියේ කෙලෙසද?

මම සැලසුම් කළා හොරයිසන් ලංකා ආයතනයේ දරුවන්ගේ සෑම පවුලකටම පාවිච්චි කළ පරිගණකයක් නිවසටම ලබා දෙන ව්‍යාපෘතියක්. මේක නම් කළේ Digital Butterflies නමිනුයි. සෑම පවුලකටම රුපියල් 5,000ක් බැංකු ගිනුමක ඉතුරු කරන්න කීවා. දානපතියෙක් මාර්ගයෙන් තවත් රුපියල් 5,000ක පරිත්‍යාගයක් සෑම පවුලටම හොයලා දුන්නා. රුපියල් 10,000කට එකල පාවිච්චි කළ Pentium II පරිගණකයක් ගත හැකිව තිබුණා. මුල්ම රුපියල් 5,000 ඉතුරු කරලා පරිගණකයක් ගත්තේ ඒ වන විට ගමේ හිටපු දුප්පත්ම සිසුවියක්. ඇය වේගයෙන් පරිගණක සහ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. උසස්පෙළ ප්‍රථිපල නිකුත් වූ වහාම හොඳ රැකියාවක් ඇයට ලබා දුන්නේ ඇයට පරිගණකය ලබා දීමට ඉතිරි රුපියල් 5,000 ලබා දුන් දානපතියාමයි.

මේ පාවිච්චි කළ පරිගණක නිතර කැඩෙන නිසා ගැහැණු පිරිමි භේදයකින් තොරව හැම ළමයෙක්ම දෘඩාංග (hardware) විශේෂඥයෝ වුණා. තමන්ගේ පරිගණක විතරක් නෙවෙයි අනිත් අයගේ පරිගණකත් අළුත්වැඩියා කරන්න ගත්තා. 2000-2010 කාලයේදී අපි ගමට පරිගණක 400ක් විතර බෙදා දුන්නා.

1995 මෙරටට ඉන්ටර්නෙට් හඳුන්වා දී වසර කිහිපයක් තුළ මහවිලච්චියේ ඔබේ මගපෙන්වීම ලැබූ ගැමි දරුවන් සයිබර් අවකාශයේ ලියන්න, කියන්න, වෙබ් අන්තර්ගතය නිර්මාණය කරන්න පටන් ගන්නවා. ගමට ඉන්ටනෙට් ලබා ගත්තේ කොහොමද?

මහවිලච්චියට ඉන්ටනෙට් ලබා ගැනීමට ඒ වනවිට කිසිම තාක්ෂණික විසඳුමක් තිබුණේ නැහැ. රැහැන් හරහා එන ඉන්ටර්නෙට් ලබන්නට මහවිලච්චියට දුරකථන තිබුණේ නැහැ. අද මෙන් ජංගම දුරකථන හරහා වෙබ්ගත වීමේ තාක්ෂණය එවකට තිබුණේද නෑ. එහෙත් අපේ ගමට ඉන්ටනෙට් එන තුරු අප ලත වෙමින් සිටියේ නෑ. අපි අපට ඒ වන විට පරිගණක තිබූ නිසා ඊමේල් හා වෙබ් තාක්ෂණයන් භාවිත කිරීමට පටන් ගත්තා. අපේ වෙබ් අඩවිය යාවත්කාලීන (update) කිරීමට සහ ඊමේල් සන්නිවේදන සඳහා මට සතිපතා කොළඹ යාමට සිදු වුණා. (මහවිලච්චියේ සිට කොළඹට කිලෝමීටර් 230ක් පමණ දුරයි.)

මම දවසක් දැක්කා ලංකාකොම් නම් පෞද්ගලික සමාගමේ පුවත්පත් දැන්වීමක තිබුණා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරම ගමට (නිකවැව) ඔවුන්ගේ ඉන්ටනෙට් සංඥා  යාන්තම් තිබෙන බව පෙන්නුම් කළ සිතියමක්. මම වහාම ඔවුන්ට කතා කළා. ඔවුන්ගේ ඉංජිනේරුවන් ශක්‍යතා අධ්‍යනයක් කොට අපට ඔවුන්ගේ ඉන්ටනෙට් ආවරණය ලබා දෙන්න පුළුවන් බව කිව්වා. ඒත් ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක් වියදම් කර අඩි 120ක් උස කුළුණක් ඉදි කරන්න අවශ්‍ය බවත් කිව්වා.

ඒක ඒ දවස්වල මහ ලොකු ගාණක්. ඒත් අපේ වෙබ් අඩවිය මගින් මේ ගැන දැනුවත් කළ පසු දේශීය සහ විදේශීය දානපතියන් මාසයක් වැනි කෙටි කාලයකදී මේ සම්පුර්ණ මුදල අප වෙත ලබා දුන්නා. ලංකාකොම් සමාගම අඩු මාසික ගාස්තුවට ඉතා හොඳ අඛණ්ඩ සහ අසීමිත ඉන්ටනෙට් පහසුකම් 2004 සිට 2011 දක්වා අපට ලබා දුන්නා. මේ සමග අපේ වෙබ් අඩවිය නිරතුරුවම update වෙන්න පටන් ගත්තා සිසු සිසුවියන් අතින්. ඔවුන්ගේ ඉංග්‍රීසි සහ පරිගණක දැනුම පුදුම වේගයකින් වර්ධනය වුණා.

ඉන්ටර්නෙට් ගැන සමාජ භීතිකාව එදා අදටත් වඩා ප්‍රබල වන්නට ඇති. ඉන්ටර්නෙට් සේවා ලබා ගත් සැටි හා එයින් කළ දේ ගැන යමක් කිව හැකිද?

ඉන්ටනෙට් විරෝධී සමාජ භීතිකාව වැපිරීමට මුල්වුණේ අද සමාජජාල ගැන භීතිකා පතුරන, ඒවා ගැන මෙලෝ දැනුමක් නැති මෙරට සමහර කතුවරුන් හා මාධ්‍යවේදීන්ම තමයි! අළුත් තාක්ෂණයක අවදානම් අංශ ගැන දැනුවත් කිරීම හොඳයි. හැබැයි එය කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති අය විසින්. බොරු බිය වපුරන අය කරන සමාජ හානිය අති විශාලයි.

ඕනෑම තාක්ෂණයක් අවභාවිතා කළොත් යම් තරමක හානියක් විය හැකි බව ඇත්ත වුණත් එයට බියෙන් නව තාක්ෂණයක් සම්පුර්ණයෙන්ම තහනම් කරන එක වැරදියි. මම නම් කළේ ෆයර්වෝල් (සයිබර් අවහිර කිරීම්) දමා ඉන්ටනෙට් සීමා කරනවට වඩා තමන්ගේම ආකල්ප නමැති ෆයර්වෝල් එක දාගන්න කියලා ළමයින්ට කියපු එකයි. කොහොමටත් ගැටවර වියේ දරු දැරියන් කුතුහලය නිසා සමහර අහිතකර වෙබ් අඩවිවලට පිවිසෙන එක මොන තාක්ෂණ බාධක දැම්මත් සිදු විය හැකියි. ඒත් කුතුහලය සංසිඳුණ පසු ඔවුන් එයින් ඈත් වෙනවා.

ඔබ මෙතෙක් ඉගැන්වූ හා සහයෝගයෙන් වැඩ කළ ගැමි දරුවන්ගේ හා තරුණ තරුණියන්ගේ ආකල්ප හා කුසලතා ගැන ඔබේ තක්සේරුව කුමක්ද?

මම තදින්ම විශ්වාස කරන දේ තමයි ගමක, නගරයක, මුඩුක්කුවක, අනාථ කඳවුරක මේ ඕනෑම තැනක ළමයින්ගේ දක්ෂතා අඩු වැඩි වශයෙන් සමානයි. ප්‍රශ්නය තියෙන්නේ ඔවුනට ලැබෙන අවස්ථාවන් සම්බන්ධයෙන්. අවස්ථාවන් ලැබෙනවා නම් මේ ඕනෑම තැනක ළමයින්ගෙන් උපරිමය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආකල්ප හා කුසලතා ගැන කියන්න තියෙන්නෙත් එච්චරම තමයි. හරිහමන් මග පෙන්වීමක් තියෙනව නම් ළමයින්, තරුණ තරුණියන් යහමගට යොමු කරන එක ඉතා පහසුයි.

දශක දෙකකට පසු හොරයිසන් පදනමේ වත්මන් තත්ත්වය කුමක්ද? පරිගණක හා ඉන්ටර්නෙට් තව දුරටත් මැජික් හෝ නගරවලට සීමා වූ දේ නොවන පසුබිමක ඔබේ ආකෘතිය වෙනස් කර ඇත්ද?

දශක දෙකකට පසු හොරයිසන් ලංකා පදනමේ වත්මන් තත්ත්වය භයානකයි. අපි රුපියල් මිලියන දෙකක පමණ ණය වෙලා ඉන්නේ. මම පසුගිය අවුරුදු තුනම ස්ථිර ආදායමක් නැතුව ඉන්නේ. මට දිගින් දිගටම හොඳ ආයතනවල රැකියාවන් අත්හරින්නට සිදු වුණා හොරයිසන් ලංකා ආයතනය පවත්වාගෙන යාමට පුර්ණ කාලීනව වැඩ කිරීමට අවැසි වූ නිසා. අපිට මේ වන විට පරිගණක සහ අනෙක් පහසුකම් බොහොමයක්ම නැහැ. විදුලිබිල්, ඉන්ටනෙට් බිල්, වැටුප් ගෙවා ගන්න බැහැ. අපිට ආයතනය හොඳ මට්ටමකට ගෙන එන්න හොඳම අවස්ථාවන් පහක්වත් ලැබුණා. ඒත් ඒ හැම අවස්ථාවක්ම අවාසනාවන්ත ලෙස මග හැරුණා. ඉන් අවස්ථාවන් දෙකක් අහිමි වුණේ මගේ අඥාන තීරණ නිසා. අනෙක් ඒවා අනෙක් අයගේ මෝඩ තීරණ නිසා. එහෙත් ඒ සියල්ලේ වගකීම ආයතන ප්‍රධානියා ලෙස මම භාර ගත යුතුයි.

ඔබේ දෙවන ප්‍රශ්නයට උත්තර දෙනවා නම්: අප කොහොමටත් වැඩියෙන් විශ්වාස කළේ ගැජට් හෝ මෙවලම්වලට වඩා අධ්‍යාපනය ලබා දිය හැකි සරල, විනෝදමත්, රසවත් ක්‍රම ගැනයි. කොච්චර තාක්ෂණ විප්ලවයන් ඇති වුණත් දරු දැරියන් වැඩියෙන්ම ආශා විනෝදයෙන් ඉගෙන ගන්නයි. ඒ ඒ අරමුණ හඹා යමින් හොරයිසන් පදනමේ අපි තව කෙනකුට කොපි කරන්න බැරි වේගෙකින් වෙනස් වනවා. එක තැන පල් වෙන්නේ නෑ.

මෑත කාලයේ ඔබ හොරයිසන් ආකෘතිය අනුරාධපුර, යාපනය, නුවර එළිය වැනි ප්‍රදේශවලටත් ගෙන ගොස් තිබෙනවා. ඒ ප්‍රදේශවල ප්‍රතිචාර කෙබඳුද?

අපි මුලින්ම හොරයිසන් අකැඩමි ආයතනයේ ආකෘතිය අනුගමනය කිරීමේ වරම හෙවත් franchise අරන් ගියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම රලපනාව සහ උක්කුලන්කුලම ගම් දෙකටයි. ඊට ඉස්සර තවත් ගම් තුනකට ගියත් ඒ තැන්වල අපිට ගැලපෙන නිර්මාණශීලී කළමනාකාරවරුන් සොයා ගන්න බැරි වුණ නිසා ඒවා තාවකාලිකව වසා දැමුවා. රලපනාව ගමේ හොරයිසන් අකැඩමි ආයතනය කළමනාකරණය කරන්නේ මගේම පැරණි සිසුවියක් වන නදීකා සජීවනී. ඇය හොඳින්ම දන්නවා කොහොමද ආයතනය හසුරුවා ගන්නේ කියලා.

නානුඔය හොරයිසන් අකැඩමි ආයතනය කළමනාකරණය කරන්නේ ගුණසේකරන් මහතා විසින්. යාපනයේ මණියන්තෝට්ටම් ගම හොරයිසන් අකැඩමි ආයතනය කළමනාකරණය කරන්නේ සෙබස්තියන් පියතුමා විසින්. අපි ඊළඟ හොරයිසන් අකැඩමි ආයතනය පටන් ගන්න යන්නේ මුස්ලිම් ගමක. ඒ නිසා අපිට විවිධ ජනකොටස් එක්ක වැඩ කරලා අත්දැකීම් ලබා ගැනීමටත්, අපේ සේවය පුළුල් කරන්නටත් හැකියි. අනික මට දෙමළ කතා කළ නොහැකි නිසා ඒ ගම්වල දරුවන් සමග අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙනවා. එය ඒ පළාත්වල දරුවන්ට බෙහෙවින් වාසිදායකයි. ඒ නිසාම ඔවුන් අධි වේගයකින් ඉංග්‍රීසි දියුණු කර ගන්නවා.

අපි වෙනත් ප්‍රදේශවල අළුත් හොරයිසන් අකැඩමි පටන් ගත්තේ සතයක්වත් මුදල් තිබිලා නෙවයි. ඒ පළාත්වලින් ලැබුණ ඉල්ලීම නිසා සහ ඔවුන් අපේ ක්‍රියාකාරකම් අගය කළ නිසා. ඒ හැම දේටම වඩා අපේ ආයතනයට පැමිණෙන දෙස් විදෙස් ස්වේච්ඡා සේවකයින් නිසා. ඒ ප්‍රදේශවල ගැමියන්ගේ ප්‍රතිචාර ඉතාම යහපත්. විවේචකයෝ නැතිවාම නෙවෙයි. අනික අපි විවේචන අගය කරනවා. එය අපේ අඩුපාඩු නිවැරදි කර ගන්න පහසු කරනවා. අනික නුපුරුදු සංස්කෘතීන් ඇති ප්‍රදේශවලට යන කොට ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් ගැන බොහෝ සංවේදී වෙන්න ඕනේ.

හොරයිසන් හරහා දරුවන්ට ඉගැන්වීමට දෙස් විදෙස් වෘත්තිකයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වනවා. මෙය දිගටම පවත්වා ගත හැකිද?

මේ වන විට 2004 සිට 180ක් පමණ විදෙස් වෘත්තිකයන් සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් ළමයින්ට සේවය කරන්න ඇවිල්ලා තියෙනවා. එයිනුත් 150ක් පමණම ආවේ පසුගීය වසර තුන තුළ. මම හිතන්නේ රටේ පවතින සාමකාමී පරිසරයත් එයට බලපාන්න ඇති. යුද්ධය පැවති කාලෙදිත් ඔවුන්ගේ තානාපති කාර්යාලවලින් මහවිලච්චිය වැනි අනාරක්ෂිත ප්‍රදේශවලට නොඑන ලෙස උපදෙස් දී තිබියදීත් විදෙස් වෘත්තිකයන් පැමිණියා. 2004දී මුලින්ම පැමිණි මරිස්සා චාල්ස් ස්වේච්ඡා සේවිකාව තමයි අනෙක් අයටත් දොරගුළු විවර කළේ. අපි ඇයට බොහෝ ගරු කරනවා. විදෙස් වෘත්තිකයන් අපිට මුලින් කෙටි කාල සීමා සඳහා පැමිණියත් දැන් ගොඩක් අය මාස 3 සිට අවුරුද්දක කාලයක් දක්වා ස්වේච්ඡාවෙන් සේවය කරනවා.

මේ වසරේ හොරයිසන් ලංකා ආයතනය විසි වසරක් සම්පුර්ණ කරනවා. ඒ ගැන ඔබට යමක් කියන්න තියෙනවාද?  

අපි හොරයිසන් ලංකා ආයතනය මහවිලච්චියේ පටන් ගත්තේ 1998 අගෝස්තු මාසයේ. මේ වසරට අවුරුදු 20ක් පිරෙනවා. ඉතින් අපි තීරණය කළා මහවිලච්චිය හොරයිසන් අකැඩමි ආයතනය වසා දමා මුස්ලිම් ප්‍රජාව වැඩියෙන් ඉන්න ගමක හොරයිසන් අකැඩමි ආයතනයක් පටන් ගන්න.

මහවිලච්චියේ අපිට ඉතාම සන්තෝෂ ජනක මෙන්ම නීරස අත්දැකීම් තියෙනවා. මහවිලච්චියේ ගැමියන්ට බොහොම ස්තුතියි අපිට ලබා දුන් සහයෝගයට. ඔවුන් ඉතා බුද්ධිමත් එමෙන්ම ලිබරල් ගැමි පිරිසක්. අප විසින් කළ සංස්කෘතික වෙනස්කම්වලට ඔවුන් විවෘත මනසකින් යුතුව ප්‍රතිචාර දැක්වුවා. මම හිතන්නේ නැහැ ලංකාවේ ප්‍රධාන නගරයකවත් එහෙම විවෘත මනස ඇති මිනිසුන් ඇති කියලා.

ඒත් ඕනෑම හොඳ දෙයක අවසානයක් තියෙනවා. ඒ නිසා මහවිලච්චියේ අප සිටි කාලය හොඳටම ඇති. වෙනත් ආයතනයක්  දැන් අපටත් වඩා හොඳට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය ගමේ දරුවන්ට නොමිලේ ලබා දෙනවා. ඔවුන්ට මුදල් සහ අනෙකුත් සම්පත් ගොඩක් තියෙනවා. හොරයිසන් ලංකා ආයතනයේ අධ්‍යාපනය ලැබූ දැනට තරුණ වියට පැමිණ විවිධ වෘත්තීන්වල සහ ව්‍යාපාරවල නියලී සිටින දීප්තිමත්ම සහ දක්ෂතම තරුණ තරුණියන් ඔවුන් සමග එකතු වී සිටිනවා. ඇත්තටම අපි මහවිලච්චියෙන් යන්නේ හිස් අතින් සහ විශාල ණය කන්දරාවක් විතරක් අරගෙන.

අනිත් එක හොරයිසන් ලංකා ආයතනය නිශ්චිත තැනක්  මුලස්ථානය කර ගත් ආයතනයක් නෙවෙයි. අපේ මුලස්ථානය තියෙන්නේ සයිබර් අවකාශයේ!

රළපනාව හොරයිසන් අකැඩමියේ ගුරුදෙගුරු සාකච්ඡාවකදී ... ... ...
රළපනාව හොරයිසන් අකැඩමියේ ගුරුදෙගුරු සාකච්ඡාවකදී … … …

Full STEAM Ahead – Best Practices in Science, Technology, Engineering, Art and Maths Workshop in NIE

Full STEAM Ahead – Best Practices in Science, Technology, Engineering, Art and Maths Workshop in NIE

Teachers at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Teachers at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Nanda Wanninayaka, the Founder of Horizon Lanka Foundation,

Thanks to my good friend Nalaka Gunawardene, the science writer and the former media spokesman for the late Sir Arthur C. Clarke, I was lucky enough to get an invitation extended by Angelo Fernando, a Sri Lankan American teacher at the Salt River Elementary School Arizona to attend a resourceful two-day workshop on the Best Practices in Science, Technology, Engineering, Art and Maths at the National Institute of Education (NIE) on the 15th and the 16th of last December, 2015. There were two hands-on workshops for Science and Technology teachers featuring STEM teachers, scientists, writers, researchers and technology practitioners from the U.S.A. and Sri Lanka. The workshop was conducted by Angelo Fernando and his students and staff of Salt River Elementary School Arizona, the USA.

American and Sri Lankan students at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
American and Sri Lankan students at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Angelo Fernando at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Angelo Fernando at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Dr. Ajith Madurapperuma, a consultant to the Information and Communication Technology Agency (ICTA) was the keynote speaker. These were the experts who contributed as resource persons of the workshop. Dr. Paul Funk, Scott Logan, Ruben Gameros, Angelo Fernando, Dr. Nalin Samarasinha, Nalaka Gunawardene, Lal Medawattegama and Nazly Ahmed. Some of them spoke at the event and a few delivered their speeches through Skype from the USA.

Nalaka Gunawardene at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Nalaka Gunawardene at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

These were the topics that the speakers spoke on. Engineering Design, Electricity & Magnetism, Robotics & Coding, Podcasting, Web 2.0, Scientific Writing, Creative Writing, Photography.

Nazly Ahmed at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Nazly Ahmed at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

After the second day of the workshop, Prasad Perera of the American Center, Colombo invited us to enter the iBus, a bus with laptops and tabs with internet access. You can get the services of this iBus totally free of charge by contacting the American Center. This will be a great asset to the places in Sri Lanka where there is no internet access.

The iBus of the American Center
The iBus of the American Center

This two-day workshop helped me a lot as we are going to teach Robotics as a new subject at Horizon Lanka Foundation from this year and we also plan to start teaching Science and Mathematics using multimedia technology. Since the students learn the syllabi of those subjects in the public schools and in then at private tuition classes, we do not hope to repeat the same at Horizon Lanka. Instead, we will use more technology to teach these subjects. If you have new ideas to share on this, please send your comments in.

Angelo, Wanni and Nalaka at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Angelo, Wanni and Nalaka at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Teachers at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Teachers at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Teachers at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Teachers at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Prasad Perera of the American Center inside iBus at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Prasad Perera of the American Center inside iBus at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

iBus logo
iBus logo

Teachers getting on to the iBus
Teachers getting on to the iBus

Teachers inside the iBus at "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Teachers inside the iBus at “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Attendees of "Full STEAM Ahead" workshop at NIE, Maharagama
Attendees of “Full STEAM Ahead” workshop at NIE, Maharagama

Malitta Nanayakkara donates computer equipment to Horizon Lanka

Malitta setting up the PCs at Horizon Lanka
Malitta setting up the PCs at Horizon Lanka

Malitta Nanayakkara is a young software engineer from Rajagiriya, Colombo. Having been inspired by a tweet about resumption of Horizon Lanka academic activities last July 23 by veteran science writer Nalaka Gunawardene, Malitta contacted Nanda Wanninayaka, the Founder of Horizon Lanka and promised to donate two computers and other necessary equipment.

Nalaka Gunawardene's tweet about Horizon Lanka
Nalaka Gunawardene’s tweet about Horizon Lanka

Malitta visited Mahawilachchiya today with his friend Manahara Mohotti, another young software engineer from Colombo. Malitta donated two PCs, a digital camera, a sub-woofer, a pen drive, networking equipment and some software to Horizon Lanka Foundation. This is the first ever donation after the resumption of the institute. Horizon Lanka will start teaching ICT as soon as necessary software are installed with the donated equipment. We thank Malitta for visiting and donating most needed equipment to Horizon Lanka.

We request you to chip in helping Horizon Lanka to have a fully pledged ICT institute once again with your generous support. We still need more PCs, a laptop, computer chairs and a professional digital video camera.

Malitta with Horizon Lanka staff and students
Malitta with Horizon Lanka staff and students

Malitta with students
Malitta with students

Manahara with the staff and students of Horizon Lanka
Manahara with the staff and students of Horizon Lanka